2 වන කොටස

ඔන්න ඉතින් නිරෝෂනයා හරි Direction එකට Antenna එක හරවගෙන. Signal  කෙලින්ම එන නිසාදෝ මන්දා මිනිහගෙ Channel එක එළට වැඩ. මමත් ඉතින් ඔය අතරෙ අහැ දැම්මා පොඩ්ඩක් හරියට මුන බලාගන්න. සුදු රවුම් මුන හිනා වෙනකොට හරි ලස්සනයි. මං තරමටම වගේ උසයි. ඒ වෙලේ නම් Frock එකක් ඇදල හිටියෙ. දැක්කම නම් ඕනෙම කොල්ලෙක්ගෙ හිත ඇදිලයනවා අනිවාර්යයි. දැන් ඉතින් මායි නිරෝෂනයයි ඇස් කරකවකව කෙලහලනවා Bus Halt එකේ. ඇහේ  පොටයයිද කියලත් බයේ බැ ඔන්න ඔහේ වෙනදෙයක් වෙද්දෙන් කියල මෙච්චර කල් රැස් කරගත්තාවු පිං දෙවියන්ට පුදමින් හිටියෙ අනේ දැන්මම Bus එකක් නම් එන්න එපෝ දෙය්යනෙ කිය කියා. අනේ ඇත්තට ලවට අදිපති දෙවියා කවුද කියලවත් ඒ වෙලේ මතක් උනේ නැති හැටි.

කෙල්ල ඒ ආපු වයසක උන්දැත් එක්ක කථාකරකර ඉන්න ගමන් අපි දෙන්නගෙ දිහා බලබල අපිව Form කරනවා හෝ ගාල. අනේ පැණි හැලියට ‍වැටුනු මේ ඇඔලයො දෙන්නා ගැන තවත් වර්ණනා ඕනෙ නැනෙ. ඔන්න පේනවා ඈත මාර දුතයෙක් කඩාගෙන එනවා 143 හන්වැල්ල Bus ලදරමක්වෙනදට වෙලාවට බෙහෙතකටවත් නැති මුන් අද අකුරට වැඩද මන්ද. ඇවිත් නතර කරන්න හම්බවුනේ නැ කියපන්කො අර වයසක උන්දැ මාර Try එක ඉක්මනට එල්ලෙන්න. පොඩි තල්ලුවක් දෙන්න හිතුන ඇතුලට යන එක ඉක්මන් වෙන්න ඒත් ඉක්මන කොටනිසාද කොහෙද ටිකක් ඉවසුව.

මේ වයසක උන්දැ නැග්ගගමන් අහුවුන, එක්කෙනෙකුට වාඩිවෙන්න ඉඩතිබුන Seat එකේ කෙසෙල් ගහක් උස්සල පොලේගැහුව වගේ ඉදගත්තෙනැතැ. අනේ අපරාදෙ කියන්න බෑ මේ නගා ඒ උන්දැ පස්සෙන් ගා‍ට ගාට ඇවිදින් ඉදගත්තෙ පිටිපස්සෙ Seat එකක. කියන්න ඕනෙ නැනෙ ඉතින් අපි ගැන මේ කෙල්ල Follow me කියනව වගේ ගිය අපුරැවට පාගල Admit උනා පස්සෙන්ම Bus එකට. අන්තිමට නතරඋනේ වයසකඋන්දැ ලග. ඔන්න හිටගෙන අපි දෙන්න Seat එක අල්ලගෙන, දෙන්නගෙම Antenna දෙක  Signal එක පැත්තට දාගත්ත.

දැන් ඔන්න කෙල්ල ආයි හෝ ගාල අපි දිහා බලනවා ඉවරයක්නැ. දැන් අපි දෙන්නට තිබුනු එකම ගැටලුව මොකක්ද කියල ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නැනෙ. ලග ඉන්න යාඵවට මුල්තැන දෙන්න ඕන නිසාද නැත්නම් ඉස්සෙල්ලම උබ ගුටිකාපන් කියල හිතුන නිසාද මන්ද Admit කලා නිරෝෂනයව මුලින්ම කරලියට. “මචෝ උබ ටිකක් ලගට ගිහින් බලපන්” එහෙම කියල මුට පෙඩි Kick එකක් දුන්න විතරයි Admit වුනා කෙල්ල ලගටම. ඔය යන්නෙ Double දාලා කියලයි මට හිතුනෙ.

ටිකක් වෙලා අහක බලන් හිටපු මට ඉබේටම වගේ පස්ස බැලුනෙ Bus එක අද්දපුපාරට. දහසක් පැතුම් පොදිබැදන් ලගට Admit උන නිරෝෂනයා අනේ බලන්නත් දුකයි “එ මල කිමද සරදම් කර සැගව ගියේ” ගයනව ලග ඉදන්. කොල්ලට දැනුයි වැ‍ඩෙ Enter වුනේ. පුදන කෙටම කාපි යකා කිව්වලු එකපාරටම අතේ තිබුන Mobile එකයි, පොතයි වැටුනයි කියමුකෙ බිමට.

මෙතනින් එහාට මොකද උනේ කියල ඉලග කොටසින් බලමු.

No comments:

Post a Comment