4 වන කොටස

දැන් මටයි, නිරෝෂනයටයි මේක සෑහෙන බොන්න ඕන ප්‍රස්නයක් උනා. හොදටම Sure මේගොල්ලො Police Station එකට Admit උනේ අපි‍ට වින කරන්න නෙමේකියල. “ඉවසන දනා රුපුනොදයට නැති කඩුව කෙස්කොටන්නද” කියන කථාව මතක් වුනා කියමුකො. මේවෙලේ දෙන්නත් එක්ක පැල්බැදගෙන බලන් ඉන්නවා මේ දෙන්නව කනෙන් අල්ලලා Police Station එකෙන් එලියට දානකල්. ටික වෙලාවකට පස්සෙ ඔය එන්නෙ ඡෝඩුව Double දාලා. Police Station එකෙන් එලියට ආපු දෙන්න‍ මෙන්න පාර පැනල අපේ පැත්තට එන‍වා. අපිත් නොදැක්ක ගානට අහක බලන් හිටියා. අපිව පහුකරගෙන මේගොල්ලො යනවා Bus Halt එක පැත්තට වගේ. කිව්වත් ‍වගේම දෙන්නම  Bus Halt එකට Admit උනා. අපිත් අතැරියෙනැ නතරවුනේ Bus Halt එක ‍ගාව. කෙල්ලනම් තාමත් හිනාවෙනවා ඉවරයක්නෑ.

ඔය අතරෙ Bus එකක් Admit වුනා කියමුකො. දෙන්නම නෙමේ හතර දෙනාම කොන්ද අයිය පැක් කලා Bus එක ඇතුලෙ. අනේ මේ කොන්දව සියලු දෙවිදේවථාවුන් රැකදෙන්න ඕන කෙල්ලගෙ ඇගේ ගැවෙන්න Set කරල දුන්නට. දෙන්නට දෙන්න දැන් මූනුදිහා බලාගෙන. ආච්චි එහා පැත්තෙ උනාට මොකෝ හීනියට Chat එකක් දැම්මා. මෙන්න මෙහෙම:

මම : ඇයි Police Station එකට ගියෙ මොකක් හරි කරදරයක්ද? (කථාවට අල්ල ගන්නත් එපැයි ඉස්සෙල්ලම)
කෙල්ල : නැ... නැ... පොඩි වැඩකට
මම : එහෙනම්........... හරි චරිතෙ කොලේක ලියා ගන්ත වෙන්න ඇති (එතකොට නම් කෙල්ල හිනාවුනා)
කෙල්ල : But no Answer

මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දද මන්ද ඉලගට අහපු එක පුරස්නයකටවත් උත්තර දුන්නෙ නෑ. කමක් නෑ නංගි ගේ දොර‍කඩට ගිහින් ඇරලවලම තමා පස්ස බලන්නෙ කියලමයි හිතා ගත්තෙ. අපරාදෙ කියන්න බැ නැග්ග ඔරුවෙම කඩුවෙල Bus Stand එකටම ගොඩඋනා.

දැන් මේ දෙන්න ඉලගට ගිහින් Admit වුනේ 697 කඩුවෙල, හෝමාගම පොඩි Bus එකකට. මේ Bus එකේ එක පැත්තක දෙන්න ඉද ගන්ත Seats තිබුනා. අනික් පැත්තෙ එක්කෙනෙක් ඉදගන්ත පුලුවන් Seats තිබුනෙ. ආච්චි දොරලග තනි Seat එකේ වාඩිවුනා. කෙල්ල ඊට පස්සෙ Seat එකේ වාඩිවුනා. අපි කථාවුන විදියට Bus එක අද්දන කොටම වගේ එල්ලුනා. මම ගිහින් කෙල්ල ලගින්ම හිටගත්ත. ඔහොම ටික දුරක් හිනාවෙවී යනකොට මෙන්න සැබැපෙරලියක්, නිරෝෂනයට එනවා සැබැ නුවනක් “මචෝ අමුනල කරල දෙමුද Telephone No එක”. එකගතාවයෙන් ඉරුවා පොතෙන් කොල කෑල්ලක්, ලිව්වා ගෙදර Telephone No එක. 

පොඩියට කොලේ නවලා අතේ තියන් ඉන්නවා අවස්තාව උදාවෙනකල්. කෙල්ල මේ ඔකොම බලාගෙන හිටියෙ. පොඩි ළමයෙකුට සීනි බෝල පෙන්නනවා වගේ මම මේ කොළකෑල්ල කෙල්ලට පෙන්න පෙන්න හිටියෙ.අන්තිමට ඉදන් හිටිය කෙල්ලගෙ අත උඩට දැ‍ම්ම මේ කොළ කෑල්ල.

අපරාදෙ කියන්න බෑ පන්දුව අත දිගේ පෙරලීගෙන ඇවිත් වැටුනා ඔඩොක්කුවට. ඔඩොක්කුවදිගේ ගලාගෙන ආපු පන්දුව රුක ගන්න බැරුව බිම පතිත වුනා. පෙනුන විදියට නම් කෙල්ලගෙ මූනෙ තිබුනෙත් දුකක්ද මන්ද. ඒත් කෙල්ල නෙමේ පන්දුව අහුලගත්තෙ. ඔහොම ටික දුරක් ගිහින් කොරතොට පන්සල පහුවුනාම දෙන්නම නැගිට්ට‍. කෙල්ල ටිකක් ඉස්සරහට යනකොට මම පහත් වෙලා පන්දුව අහුලගත්ත. මේක කෙල්ල දැක්ක.

 මමත් වැඩේ අතැරියෙ නැ පන්දුවත් රුගෙන පිතිකරුගෙ පසුපස හබාගෙන යනවා. ටිකවෙලාවකින් කෙල්ල එක අතක් පස්සට තියාගත්ත. ඔන්න Bus එක Bus Halt එකේ නවත්තන්න යන්නෙ. දැන් මොකද කරන්නෙ හරි කමක් නැ ගුටිකන්න හරි කියල ඉදිරියට පැනල පන්දුව කෙල්ලගෙ අතට තියල තදකලා. Bus එක නතර කරන කරනකොට පන්දුව කෙල්ලගෙ අතේ. අනේ මේ නිකන් පෙන්නන Film එක බස් එකේ ඔක්කොම බලාගෙන ඉදල තියෙන්නෙ මෙච්චර වෙලා.

දැන් මොකද කරන්නෙ ?

මෙතනින් එහාට මොකද උනේ කියල ඉලග කොටසින් බලමු.

No comments:

Post a Comment