8 වන කොටස

මොකද මේ වෙන්නෙ කියල හිතා ගන්නවත් බැ. පාරෙත් කව්රුත් නෑ, මේ Motor Bike කාරයගෙ ඇගේ හැටියටනම් කොල්ලෙත් නොවෙන බව නම් විස්වාසයි. මට ඒ වෙලේ හිතුනෙම මේ සදුගේ මාමද දන්නෙනෑ කියල. ඒත් ‍මේ Motor Bike කාරය මගෙන් මුකුත්ම අහන්නෙ නෑ, ටිකක් ඉස්සරහට යනවා ආයි එනව මගෙ මුන කන්න වගේ බලනවා විතරයි, මුකුත්ම කියන්නෙ නෑ. Helmet එකේ Glass එක නැති නිසා මූන දැක්කා, ටිකක් මැදිපහේ  කෙනෙක්. කමක්නැ මචෝ උඔයි මමයි විතරනෙ ඉන්නෙ ‍‍ඕනෙ දේකට මමත් Ready කියල හිතාගෙන ටිකක් පාගල ඇද්දා. ඔහොම ටික දුරක් යනකල්ම ආපු Motor Bike කාරය එකපාරටම නැතුව ගියා. ඒ එක්කම Bus එකක් හොදවෙලාවට Admit වුනා. මම ඒකෙ ‍එල්ලිලා ගෙදර ගියා කියමුකො, ඒත් අදටත් මට තියෙන ප්‍රස්නය තමා කවුද එදා මගෙ පස්සෙන් ආපු ඒ Motor Bike කාරය කියන එක.

කියන්න අමතකවුනානෙ එදා සදු මට කිව්වා ඉරිදට Class යන‍වා අද ආපු තැනටම එන්න කියල. අපරාදෙ කියන්න බෑ අපි කියනදේ අහන හොද ළමයිනෙ කියපු විදියටම කියපු තැනටම ගියා. එදත් මාත් එක්කම නිරෝෂනයත් Admit වුනා කියපු තැනටම මොකෝ කන එක බෙදාගෙන කාලා තමා පුරුදු මේ දවස්වල. පැය ගානක් ඇහේ පොට යනකල් කරකවකව හිටියා ඒත් සදු එන පා‍ටක් නම් පේන්න නෑ. අපිට තිබුන ලොකුම ප්‍රශ්නය තමා ඇයි සදු ඇයි Class නාවෙ කියන එක. මට නම් හිතුනෙම එදා ගෙවල් පැත්තෙ ගිහින් බලන්න. ඒත් එදා නිරෝෂනය වැඩේ නැවැත්තුව “අද යන්න එපා බං කවුද දන්නෙ නැනෙ එදා උඔ පස්සෙ ආවෙ”. ඉතින් ඔන්න ඉවසුවයි කියමුකො, බදාදත් උනා, අපි වෙනදා Bus Halt එකට Admit වුනා. අමුනල කරල බලන් හිටියට මොකද එදත් Absent.

දෙන්නත් එක්ක කථාවුනේ ගේ ගාව ඔරුපදින්න. කොහොම හරි Bus එකක එල්ලිලා ගේ ගාවට Admit වුනා කියමුකො ගෙදර දොර ඡනෙල් ඔක්කොම වහල. අපි ඒ වුනාට ඒ හරියෙ සද්දෙන් කථා කර කර ගියෙ. ඒත් යන්තමට පෙන්නා එක ඡනේලයක ටිකක් ඇරල තියෙනවා. දන්නවනෙ දැන් අපිට හිතෙන දේවල් කියන්න ‍ඕනෙ නෑනෙ. අපි කෝකටත් වන්ගුවෙ කඩේ ගාව නතර වෙලා බීම එකක් අරන් බිව්වා. ඔහොම ටික වෙලාවක් යනකොට අදුනන මුනු පොඡ්ඡක් මේ පැත්තට මංගච්චනවා. කවුද මේ බෙල්ල දික්කරලා Search පාරක් දැම්ම. ආ‍මේ නැන්දගෙ දුවනේ. ලගට ඇවිත් ගුලිකරපු කොළ කෑල්ලක් දීල ගියා. ඒකෙ ලියල තිබුන ඔක්කොම මතක නැතත් මේ ටික නම් මතකයි.
“අයියෙ එදා මම අනෙක් අයියට කැමතියි කිව්වෙ විහිලුවට ඒකට මට සමාවෙන්න, නැන්දල මාව බන්දන්නයි යන්නෙ හදිසියෙම. මාව බලන්න මනමාලයෙක් එනවා ඉරිදට.” (ලොකු හෑල්ලක් තිබුනට මතක ඔච්චරයි ඕං)

හිතා ගන්න පුඑවන්ද මොකද වුනේ කියල, කකුල් දෙකෙන් අල්ලලා පොළවෙ ගැහුවා වගේ උනා. එන ගමන් අපි දෙන්නා කථා උනේ ඇයි සදු ඇවිත් මේ කථාව කිව්වෙ නැත්තෙ කියල ඕකට විවිද මත පලවුනා කියමුකො, අන්තිමට සම්මත උනේ සදුව ගෙදර හිර කරල කියන එක. අනේ දැන් මොකද කරන්නෙ දවස් දෙක තුනක්ම ගේ ලග ඔරු පැද්දා සදුව අල්ල ගන්න ඒත් බැරිවුනා කියමුකො. අන්තිමට එපාම කරපු ඉරිද දවසත් ආව. මායි නිරෝෂනයයි ගියා ගේ ලගට බලන්න. ‍එදා ගෙදර ගොඩක් ක‍ට්ටිය ඉන්න බව තේරුනා කට්ටිය කථා කරන විදියට සහ එළියෙ තිබුන සෙරෙප්පු සපත්තු වලින්. ‍එදත් සදුව දකින්නවත් හම්බවුනේ නෑ. ඔහොම පස්සෙ දවස් දෙක තුනක්ම ඔරුපැදල පැදල එක දවසක් ඔන්න මුනටම අල්ල ගත්ත. “අනේ අයියෙ ඔයාවයි මාවයි නැන්ද දැක්කොත් මහා කරදරයක් වෙන්නෙ, මම ඔයාට හෙට Call එකක් දෙන්නම්” සදු ඔහොම කියල පැනලා දිව්වා.

දන්නවනෙ දැන් සිද්දිය මම උදේ ඉදන්ම ගෙදර Phone එක ගාව. ඔන්න Call එකක්
මම : හලෝ
සදු : මට .......... කථා කරන්න පුඑවන්ද
මම : ඔව් කථාකරනවා
සදු : මම සදු, හරි වැඩේ අයියෙ, එදා අපි එනවා මාම දැකල නැන්දට කියල. නැන්ද ඊට පස්සෙ තාත්තට Call කරල කියල මෙතන ලොකු කරදරයක් උනා. මට එලියට බහින්නවත් දෙන්නෙ නෑ. කොහේ හරි ගියොත් තාත්ත මාව මරනවා කිව්වා. මම යාඑවෙලා තියෙන්නෙ රස්තියාදු කාරයෙක් එක්ක කියල නැන්ද තාත‍්තට කියල.
මම : ආපු මනමාලයට මොකද වුනේ (මට අහන්න ඕන උනේ ඒක විශේෂයෙන්)
සදු : ඒ මනමාලය පොලීසියෙ වැඩ කරන්නෙ. මට වඩා ගොඩක් වැඩිමල්. ඒත් අපෙ නැන්දයි, තාත්තයි කැමතියි. එයාල ඉක්මනින් බන්දල දෙන්න තීරනය කරල මාව.
(මට මොනාද වුනේ කියල මමවත් දන්නෙ නෑ)

මෙතනින් එහාට මොකද උනේ කියල ඉලග කොටසින් බලමු.

2 comments:

සුජානි....... said...

hamadama oru padinne sadulage gedara thibbe dupathakada? nathnam Vaneesiyeda ?

manju said...

මේකනම් මෙගා ටෙලි නාට්යක් වගේ...ඉවරය් කියලා හිතුවට තව ඉවර නෑ....

Post a Comment