3 වන කොටස

අනේ මම දෙකට නැමිලා පොතයි, Mobile එකයි අහුලගෙන, නැගිටිනගමන්, හොරෙන් බැලුව මේ කෙල්ල දිහා. ඔය ඉන්නෙ මූනට හිනාවක් දාගෙනම, මගෙ දිහා බලාගෙන. එපා කියල කියන්න යෑ මේවගේ හොද දේවල්, මාත් ඇතැරියෙ නෑ, Admit  උනා කෙල්ල ලගටම. අනේ අහින්සකීට දුක හිතිලද කොහෙද මගෙ පොත ඉල්ලුව එයාලග තියාගන්න. අනේ මෙච්චරවෙලා මගෙ අතේ බරට බරේ තිබුන පිටු 200 පොත දුන්නා එයාට තියාගන්න. 

ලවේ ගිලිලා ඉන්න මේ වෙලේ ලාවට පේනවා කොන්ද Admit වෙනවා මේ පැත්තට “දැන් නැගපු කට්ටිය සල්ලා ගන්ඩ” කියාගෙන. මම නිරෝෂනයගෙන් ඇහුවා “කොහෙටද බං ටිකට් ගන්නෙ”. කෙල්ලට මේක අහිලත් හිනා වෙවි ඉන්නවා උත්තරයක් නොදී. ඔය වෙලේ මහදැනමුත්තගෙ නුවන පාවිච්චිකරල කොන්දට සල්ලි දීල කිව්වා Bus එක අන්තිමට නතරකරන “හංවැල්ලට ටිකට් දෙකක්” කියල.

ඔන්න Bus එකත් පාගල යනවා. නිරෝෂනයා වැඩේ අතැරල දාලදකොහෙද අහකබලන් ඉන්නවා “උබම වැඩේ කර ගනින්” කියනවා වගේ. අනේ මේ සුදු මුණ දිහා නොබලා ඉන්නෙ කොහොමද ඇහේ පොටගියත් කරකවකව හොරෙන් බැලුවා මේ නගා දිහා. මේ කෙල්ලත් බලබල හිනාවෙනව. මාත් හිනාවෙවී එක එක දේවල් හිමිහිට ඇහුවා, But no Answer.

නවගමුව Police Station එක පහුවෙනවත් එක්කම වයසක උන්දැ නැගිට්ටා. මේ පැත්ත බලල කෙල්ලට කථාකලා බහින්න. කෙල්ල මට පොත දෙන ගමන්ම නැගිට්ටා. මාත් නිකන් හිටියෙ නැ ලගට වෙලා “ඔයාගෙ නම මොකක්ද” කියල ඇහුවා. “අනේ එහාට වෙලා මට යන්න දෙන්න ආච්චි බලන් ඉන්නවා” කෙල්ල කිව්වෙ ඔය ටික විතරයි මම එහාට වෙලා ඉඩදෙන ගමන් බැලුවා ආච්චි දිහා. ගොදුරක් දැකපු කොටියෙක් වගේ ආච්චි බලන් ඉන්නවා මේ පැත්ත.

කෙල්ල හිමින් හිමින් ආච්චි ගාවට ගියා. අපිත් Magnet  එකකට ඇදෙනවා වගේ කෙල්ලගෙ පස්සෙන්ම Admit උනා Bus එකේ දොර ගාවට. ආච්චිට වැඩේ තේරිලද කොහෙද මාරුවෙන් මාරුවට බලනවා අපෙ මුනුදිහා. Bus එකත් කඩාගෙන ඇවිත් නතරකලා නවගමුව දේවාලය ඉස්සරහ Bus Halt එකේ. ආච්චි කෙල්ලව ඉස්සර කරගෙන Bus එකෙන් බැහැල ගියා. අපි තව දෙතුන් දෙනෙකුට ඉඩදුන්න අපිට කලින් Bus එකෙන් බහින්න. පව්නෙ ඒ මිනිස්සු ඉක්මනට බැහැල යන්න එපැයි නැතුව අපියි ඒ කෙල්ලයි අතර Gap එකක් තියාගන්න නෙමෙයි.

 දැන් මේ දෙන්න Bus එක ආපුපැත්තටම යනවා. අපිත් Bus එකෙන් බැහැල දෙන්නගෙ පස්සෙන් යන්නගත්ත. අපරාදෙ කියන්න බැ මේ කෙල්ල හැරි හැරි බලනවා අපි එනවද කියල. මෙහෙම ගියොත් අපි හරියට මේගොල්ලන්ගෙ පස්සෙන්යනවා වගේනේ නේද, පැන්නයි කියමුකො පා‍රෙන් එහා පැත්තට, දැන් අපි මේගෙල්ලන්ගෙ පස්සෙන් යන්නෙ නැ වගේ. ඒත් කෙල්ල හෝ ගාල බලනවා ඉවරයක් නැ. අපිත් අතැරියෙ නැ කෙල්ල දිහා බල බල කය්යක් ගහගෙන පස්සෙන්ම Admit වුනා. 

ඔන්න ඔය අතරෙ තමා ආච්චිට වැඩේ Enter වෙලා තියෙන්නෙ. ආච්චි අපේ දිහා බැලපු විදියට හිතුනෙම Zoo එකක Animals List එක මෙතන දිගහරී කියලමයි. කෙල්ලගෙ අතින් අල්ලගත්ත ආච්චි මොනවදෝ කිය කිය ඇදගෙන පාගල යනවා පේනවා. ඔහොම වේගයෙන් ගිය දෙන්න අන්තිමට නතරවුනේ අපරාදෙ කියන්න බෑ නවගමුව Police Station එක ඉස්සරහ.කොහොම හරි හොද වෙලාවට Police මාමල හිටියෙ නැ එදා Gate එක ගාව. ආච්චි අපිදිහා එක සැරයක් බලලා Admit වුනා කියමුකො Police Station එකට. 

මායි නිරෝෂනයයි දෙන්නට දෙන්නගෙ මුනු දෙක බලාගත්ත.

මෙතනින් එහාට මොකද උනේ කියල ඉලග කොටසින් බලමු.

No comments:

Post a Comment