7 වන කොටස

මටම හිතා ගන්න බැරිවුනා මොකද දැන් කරන්නෙ කියලා පොළොව පලාගෙන යන්න පුඑවන්කම තිබුනයි කියමුකො ඒත් Bus එක පලාගෙන යන්න බෑනෙ. අර කථාවක් තියෙන්නෙ ඉවසන දනා රුපුනොදයට නැති කඩුව කොස්කොටන්නදකියල, ඔන්න ඔහේ ඉවසීම තද කරගෙන, පැල්බැදගෙන ඉන්න‍වා කියල හිතුවා. සදු මගෙ මුන දිහා බලබල අහක බලන් හිනාවෙනවා. මට හිතෙන්නෙම සදු කරන්නෙ බොරුවක් කියලමයි. ඇයි මට එහෙම හිතෙන්නෙ, මම තාමත් සදුගෙ අතින් අල්ලගෙන ඉන්න නිසාදෝ කියලයි හිතුනෙ. මට නිකමටවත් කිව්වෙ නෑ අත අතාරින්න කියල. 

උතුර දකුන අතේ තියාගෙන කරකවකව හිටපු මට යන්තමට සද්දයක් එන‍වා අපි බහිමුද කියල. සුනුවිසුනුවුනු බලාපොරොත්තු දහසක් පොදිබැදගෙන නැගි‍ට්ටා ඉස්සරහා Bus Halt එකේ බහින්න. කොහොම හරි Bus එකෙන් බැස්සයි කියමුකො, මගේ මැලවෙලා ඇලවුනු මූන දැකපු සදු (මෙන්න එතන ඉදන් දෙබස).

සදු: අද පන්තිය ඇරෙන්නෙ හවස 3ට, ඔයා එනවද මාව එක්කගෙන යන්න
මම: මම අනික් අයියට කියන්නම් ඔයාව එක්කගෙන යන්න එන්න කියල
සදු: අයියො මම පොඩි රගපැමක්නෙ කලේ
(හිතාගන්න පුඑවන්නෙ මට මොකද වුනේ කියල)
මම: ඔයාට අද පංති යන්නම ඕනෙද
සදු: මට ඔයා එක්ක අද එන්න වෙන්නෙ නැ, මොකද අද මම පංති නොගියොත් Sir නැන්දට කියයි මම අද පංති ආවෙ නැ කියල

ඔහොම කියල සදු පංති ගියා. මම නොපෙනෙනකල් බලන් ඉදල ගෙදර ආවා. දැන් එහෙනම් ආයි මම Class එක ගාවට යනකල් සදු ගැන විස්තරයක් කියන්නම්කො. සදු පොඩිකාලෙමයි අම්ම එයාව දාල ගිහින් තියෙන්නෙ. තාත්තා පිටරට Job එකක් කරන්නෙ. සදු ඉන්නෙ නැන්දාගාව. නැන්දට පොඩිදුවෙක් ඉන්නවා. ඒ දුව එක්ක තමා සදු හැම වෙලේම ඉන්නෙ. නැන්දා Teacher කෙනෙක් ගේ ලග School එකක.ඔය ටික ඇති මම හිතන්නෙ සදු ගැන.

අන්තිමට කොල්ලා වෙලාවට Admit වුනා Bus Halt එකට. සදුත් වෙලාවටම ආවා Bus Halt එකට. Chat එකක් දාගෙනම ආපු Bus එකට නැග්ග හොද වෙලාවට එකලග වාඩිවෙන්න හම්බවුනා. හැබැයි ඉතින් අතුරුගිරියට එනකල්ම කථාකලේ වැඩකට ඇති දේවල්නම් නෙමේ. ඔන්න අපි අතුරුගිරියෙන් නැග්ගා 697 කඩුවෙල Bus එකක. ඒකෙන් ඇවිත් සුපුරුදු Bus Halt එකෙන් බැහැල දෙන්නත් එක්කම කය්ය ගහගෙන යන‍ව Double දාලා. Three-wheeler Park එකේ උන් බලාගෙන හිටියෙ මේ සිද්දිය. ඒ උනාට උන්ගෙන් කිසිකරදරයක් උනේ නෑ. අන්තිමට ගේ ගාවටම ගිහින් මම හැරිලා ආවා ගෙදර යන්න.

 මේ වෙනකොටත් ටිකක් රෑ වෙලා තිබුන නිසා මම හිතුවා ගෙදරට පයින්ම ගාටන්න. කලුවර වැටිල නිසා මේවෙලේ පාරෙ වැඩිපුර සෙනග හිටියෙ නෑ. ඒත් නිකමට ‍වගේ මට අමුත්තක් දැනෙන්න ගත්තා. පොඩ්ඩක් උවමනාවෙන් වටපිට බලද්දි තමා මට වැඩේ තේරුනෙ Motor Bike කාරයෙක් මාව Follow කරන‍වා.

මෙතනින් එහාට මොකද උනේ කියල ඉලග කොටසින් බලමු.

2 comments:

manju said...

උබටත් පුන්චි කාලෙ හරි වැඩනෙ වෙලා තියෙන්නෙ.....අපි දන්නෙවත් නෑනේ....

සුජානි....... said...

@ manju- පිස්සුද ? මොන පුංචිද???/

Post a Comment