6 වන කොටස

මොනදේ වුනත් බදාදා උදේ වෙනකල් බලාගෙන හිටියෙ නොඉවසිල්ලෙන්. ඉස්සෙල්ල දවසෙ කථාකරගත්ත විදිය‍ට උදේ පාන්දර 6 ට නැගිට්ටා. නිරෝෂනයා කථාකරගත්ත විදියට අපේ ගෙදර ආවා. දෙන්නත් එක්ක කොහොමහරි 8 ට කලින් Bus Halt එකට ගියා. දැන් බලන් ඉන්නවා සදු එනකල්.

ඔහොම ඉන්න කොට ටික වෙලාවකින් කෙල්ලෙක් එන‍වා... දැකලා පුරුදු මුනක් ඒත් කවුද මේ කියලයි කල්පනා කලේ. මලා මේ සදු නේද අදුනගන්නවත් බැරිවුනා. Sunglass දෙකක් දාලා Jeans එකක් ඇදලා නිලියක්ම තමා. සදු ඇවිත් හිටගත්තෙ මගේ ලගින් මුලු Bus Halt එකේම සෙනග බලන්නෙ මගේ දිහා. දැන් හිතාගන්න පුඑවන්නෙ මට උනේ මොකක්ද කියල. නිරෝෂනයට හිතිලද කොහෙද ඇයි අපිට බාදා කරන්නෙ කියල මට කිව්වා “උඔල දෙන්න පලයන් මම මෙතනින් නැගල ගෙදර යනවා” කියල. ඔහොම අපි Bus එකක නැගල ඉදගක්ත එකලගින්. කොටින්ම කිව්වොත් නැග්ග Bus එක මොකක්ද කියල මතක නැ හැබැයි ගියෙ කොටාරෝඩ් එකට කියලනම් මතකයි.

ඔන්න දෙන්නගෙ දෙබස Bus එක ඇතුලෙ :

මම : ඔයා අද නම් හරිම ලස්සනයි
සදු : ඔයා ඉතින් අනෙක් දවස් වල මාව දැකල තියෙනවා යැ
මම : ඔයා අද මේ මොන Class ද යන්නෙ?
සදු : මම පොඩි කාලෙ ඉදන්ම ආසයි රගපාන්න. ඒක නිසා මම Drama Class යන‍වා.
මම : ඔයාගෙ ඇත්තටම නම සදුද?
සදු : ඇයි බොරුවටත් නම් තියෙනවද?
මම : ඔයා මාත් එක්කත් රගපානවද දන්නෙ නෑනේ

මගේ මේ කරදරේ නිසාම අන්තිමට කෙල්ලට වුනේ ඡාතික හැදුනුම් පත මට පෙන්වන්න. එකෙන්ම ගොඩ කිව්වලු නම, ගම, උපන්දිනය ඔක්කොම බැලුවා. මට වඩා අවුරුදු දෙකක් බාලයි.

මම : ඇයි ඔයාල එදා Police Station එකට ගියෙ?
සදු : අපේ Bus Halt එක ගාව Three-wheeler Park එකේ උන් මම එතනින් යනකොට හැමදාම විහිඑකරනවා. ඉවසල බැරිම තැන Entry එකක් දැම්ම
 මම : ඇයි ඔයා‍ට උන්ගෙන් ඔච්චරටම කරදරද?

(බැලින්නම් දවසක් Three-wheeler කාරයෙක් දවසක් කෙල්ලට විහිඑකරල. මේකත් නිකන් ඉදල නැ මිනිහට බැනල, ඒ සැරේ මිනිහා කියල උබව මම උස්සනවා කියල අපරාදෙ කියන්න බැ එළ කථාව)

ඊට පස්සෙ මම Admit උනේ Love Talk වලට

මම : ඇත්තටම සදු මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා. මම මේ ඇත්තටමයි අහන්නෙ මම ඔයාට කැමතියි, ඔයා මොකද කියන්නෙ?

(සදු ටික වෙලාවක් යනකම් මුකුත්ම කිව්වෙ නැ. එකම දේ ආයි ආයි මම ඇහු‍වා But No Answer………. නංගියෙ මම බුදු සිරා අහන්නෙ එහෙමයි මට හිතෙන් කියවුනෙ...   අන්තිමට මම කෙල්ලගෙ අතිනුත් ඇල්ලුවා ඒත් මුකුත් කිව්වෙ නෑ. මම අතින් අල්ලගෙනම හිටියා අකමැති බවක් පෙන්නුවෙම නෑ.... ඒත් ටික වෙලාවකින්..)

සදු : ඇයි අනෙක් අයියා ගියේ
මම : අපි දෙන්නට කථාකරගන්න කියල එයා ගියා
සදු : අනේ තරහ වෙන්න එපා අයියෙ මම ඇත්තටම කැමති ඒ අයියට

ඒ වෙනකොටත් මම සදුගෙ අත අල්ලගෙන හිටියෙ. මට මෙකද උනේ කියල ආයි කියන්න ඕනේ නැනෙ. හරියටම කිව්වොත් අකුනකට Admit වුනා වගේ වුනා.

මෙතනින් එහාට මොකද උනේ කියල ඉලග කොටසින් බලමු.

4 comments:

සුජානි....... said...

ආහ් ඒකිට පිස්සුද බන්..අරුගේ මුනේ තියන කුරුලෑ ටික දැක්කම ඒකිට බිබිලි නගින බෙලිකටු කියලා නොහිතුණු එකනෙ පුදුමේ...උඔ කියලත් ඉතින් එහෙම තමයි...

සබද said...

කථාව ඉවරයි කියල හිතුවට තවම ඉවර නෑ, තව ටිකාක් තියෙනවා

manju said...

උබ ඒ කාලෙ අපිට ඔහොම කතාවක් කියල තිබුනෙ නැනෙ බන්.....මොනව උනත් චමිලක්කා කියපු කතාවනම් ඇත්ත..ඒ කෙල්ලට ඇස් පේනව අඩු ඇති.

manju said...

kooo ban...ithiri tika...meka iwara karanne nadda uba?

Post a Comment