5 වන කොටස

මෙච්චරවෙලා මේ Film එක බලාගෙන හිටපු බස්එකේ හිටපු කට්ටිය මට අත්පුඩිගහපු නැති එක විතරයි. ඒත් පොඩ් පොඩ් කසු කුසු ඇහෙනවා. සමහරු කෙල්ලට බනින‍වා. තවත් සමහරු කියන්න ලැඡ්ඡයි මටත් බනිනවා. මේක ඇතුලෙ තවත් හිටියොත් ගුටිකාල තමයි බහින්න වෙන්නෙ ඒක නිසා මේ දෙන්නත් එක්ක අපිත් බැස්සයි කියමුකො මේ Bus Halt එකෙන්. බැස්සට පස්සෙ Bus එක යනකල් ඒක දිහා අපි ඇහැක් ඇරල බැලුවෙනෑ. 

Bus එක ගියාට පස්සෙ මේ දෙන්න පාර පැනල මැණික්කාගාර පාරෙ දිගටම යනවා. අපිත් ඉතින් කෙල්ල පස්ස හැරි හැරී Follow me කියන නිසා පාගලම Admit උනා පස්සෙන්ම. ටික දුරක් ගිහින් දෙන්නා හැරුනා දකුනට ඒ පාරෙත් දැන් යනවා. ඔහොම යනකොට කන්දක් එක්කම පොඩි කඩයක් හම්බවුනා. එතනම වන්ගුවත් එක්කම තියෙන හරස්පා‍රෙ දෙන්න ඇතුලට ගියා. දැන් අපිට බයයි මේ පාරෙ යන්න මොකෝ මේ පාර ඉවර වෙන්නෙ ඒ ගෙදරින්ද දන්නෙ නෑනෙ.

“ඕන දෙයක් වෙච්චදෙන් බන් වරෙන් යන්න “ නිරෝෂනයා කියපි. ගුට්කනවනම් බෙදාගෙන කන්න බැරියැ මාත් වැඩේ අනුමත කලා. ‍ඒ පාරෙ ටික දුරක් ගිය දෙන්නා ගේකට ගියා. ඒ ගෙදර වටේටම තාප්පයක් ගහල තිබුනෙ. වැඩිය මිදුලෙ ඉඩ නැති නිසා Gate එක ගාවමයි ගෙදර Main Door එක තිබුනෙ. ඒ දෙන්නා ගෙට යන‍වත් එක්කම අපි මේ ටික බලාගෙන ගේ පහුකරගෙන ඉස්සරහට ගියා. අපරාදෙ කියන්න බැ මේ පාරෙ දිගටම ගියාම ආයි හම්බවුනේ අර ඉස්සෙල්ල කියපු කඩේමයි. අපි පස්සෙයි දන්නෙ මේව කොටස් කරල විකුණපු ඉඩම් බව. ඒ කියන්නෙ මේ කට්ටිය ලගදි තමයි මෙහෙට ඇවිත් තියෙන්නෙ. කොහොම හරි මේ කෙල්ලට ඉන්න හිටින්න තැනක් තියෙනවයි කියල දැනගත්ත අපි ආපහු හැරිල එදා ගෙදර ආවා.

ඔහොම දවසක් ගෙවුනයි කියමුකො, නිරෝෂනයා පහුවෙනිදා ආවා අපේ ගෙදර “යමු බන් අර ගෙවල් පැත්තෙ” කිව්වා විතරයි මාත් සෙට්වුනා බෑ නොකියම. එදා මාමාගෙ Motor Bike එක ගෙදර තිබ්බෙ, ගත්ත Bike එක මගෙ වගෙ Admit වුනා අර පොඩි කඩේ ගාවට. එතන Bike එක නතර කරල, Bike එක කැඩිල වගේ ගේ ගාවින් තල්ලු කරගෙන ගියා. මොකට බය වෙන්නද අප්පා මේවා මහ ආන්ඩුවෙ පාරවල් නේ. ඔහොම ගේ ගාවින් යනකොට මුලින්ම දැක්කෙ Gate එක ඇරල තියෙනවා. තව ටිකක් ඉස්සරහට යනකෙට ගෙදර Main Door එකත් ඇරල තියෙනවා දැක්ක. ඔන්න දැන් අපිට Main Door එකෙන් ගේ ඇතුල ටික ටික පේන්න ගත්ත.

 “මලා “ එහෙම කියවුනේ නිකම්ම නෙමේ. මේ කෙල්ල තව පොඩි කෙල්ලෙක් එක්ක “ගිනි ගිනි බෝලේ, රැලි රැලි මාලේ” කිය කිය කැරකෙනවා. නිරෝෂනයා ගත්කටටම කියපි “යකෝ තෝ ඇම දැම්මෙ බාලාංශෙ කෙල්ලෙකුටද” කියල. මෙනා වුනත් අපි ඔතනින් යනවා කෙල්ල දැක්ක. ගේ පහුවුනාට පස්සෙ Bike එක Start කරගෙන Admit වුනා අර පොඩි කඩේ ගාවට. මෙතන නිකන් උඩ බලාගෙන ඉන්න බැරිනිසා කඩෙන් බීම බෝතලයක් අරන් බොන්න ගත්තා දෙන්නත් එක්ක.

“කන්න තියෙනවනම් ඉබ්බා ගෙට එනවා” කියන කතාව ඇත්ත වෙනවදෝ හිතුනා. මෙන්න කෙල්ලයි අර පොඩි කෙල්ලයි එනවා මේ කඩේට. දැනුයි හරියට හැඩ දැක්කෙ කෙල්ලගෙ රෑපෙනම් හරි ලස්සනට පෙනුනා. ඒ එන කොටත් කෙල්ල මා එක්ක හිනාවෙවීමයි ආවෙ. කඩේට ඇවිත් මේ දෙන්නා ඉල්ලුවෙ Toffee දෙකක් නිසා අපිට තේරුනා කපුවෙක් නැතුවම කසාදෙ Set වුනා කියල. දැන් මේ දෙන්නා  Toffee අරන්යන්න ලැස්තිය. නිරෝෂනයා කියපි “පලයන් පස්සෙන්” හැමදාම ඉතින් ගහකට නැග්ගොත් දෙබලක් වගේ මේ කථාව ඇහුනයි කියමුකො කඩේ මුදලාලිට. මොනවා උනත් අතැරියෙ නැ Admit උනා පස්සෙන්ම. යන ගමන් දැම්ම හීනියට Chat පාරක්.

මම ඔයගොල්ලො මෙහෙද ඉන්නෙ (කථාවට අල්ල ගන්නත් එපැයි ඉස්සෙල්ලම)
කෙල්ල ඔව්
මම : මම ආසයි ඔයාගෙ නම දැන ගන්න.
කෙල්ල : මොකෝ උප්පැන්නෙ හදන්නද?
මම : හානේ ඔයාට ඒකත් තියෙනවද?
කෙල්ල : ඇයි නෑ කියලද හිතුනෙ?
මම : තරහ ගන්නෙ නැතුව නම කියන්නකො
කෙල්ල : (ටිකක් වෙලා ඉදලා) මම සදු
මම : ෂා ලස්සන නමක්නෙ
කෙල්ල : හැබැයි දැන් Address එක නම් අහන්න එපා
මම : අපෝ නැ..........  ඒත් මට ඔයාව තනියම හම්බවෙන්න ඕනෙ (මේ එකම ප්‍රස්නෙ දහසැරයක් ඇහුවත් උත්තර හම්බවුනේ නෑ. ගේ ලගටම කිට්ටු වුනා, ගේට්ටුව ගාව හැරෙනවත් එක්කම )
කෙල්ල : බදාදට මම Drama Class යනවා ඔයා අතුරුගිරියෙ Record bar එක ගාව Bus Halt එකට උදේ 8 ට එන්න කියන ගමන් ගෙ‍ට දුවපි.

මම ආපහු හැරිලා කඩේට ගාවට ගියා.  නිරෝෂනයට මේ විස්තරේ කිව්ව.දෙන්නටම තිබුන ප්‍රස්නෙ තමා මොකක්ද මේ Drama Class එක ?

මෙතනින් එහාට මොකද උනේ කියල ඉලග කොටසින් බලමු.

No comments:

Post a Comment