Tuesday, 26 April 2011

හිරිපොද වැස්ස


1 වන කොටස



ඹන්න ඉතින් එකමත් එක කාලෙක කියල පටන් ගන්න පුලුවන් යැ, මෙන්න මෙහෙම කියමුතො A/L කරල Result එනකල් බලන් ඉන්න කාලෙ වෙචිචි සිද්දියක්. ‍‍මේකාලෙ හිටපු අතිජාත මිත්‍රය තමා නිරෝෂනයා. මේ Course, අර Course කියල ගොඩක් Course ජාති තිබුනා වැහිවැහැල. එත් ඉතින් දෙන්නා එක්ක කතාකරගත්තෙ කඩ්ඩ හදාගත්තොත් හොදයි කියලා. ඉතින් ඹහොම බලන් ඉන්නකොට හෝ ගාල Add දානවා සුසිල් සර් Spoken English කියලා TV  එකේ. ඉතින් දවසක් නිරෝෂනයා ආවා අපේ ගෙදර “සුසිලයගෙ Class හොදයිලු බන්” ඔන්න ඔලුවට දැම්මා කියමුකො විසබිඡෙ. දෙන්නත් එක්ක Set උනේ සුසිලයගෙ නුගේගොඩ Class එකට Admit වෙන්න.

කතාකරගත්ත විදියට නිරෝෂනයා ආවා අපේ ගෙදර. ඹන්න දෙන්නා Set උනා Admit වෙන්න ඉරිදා දහවල් Spoken English Class. පලවෙනි දවසෙ නුගේගොඩට බඩගාල පංතිය තියෙන තැන හොයාගත්ත කියමුකො. ඹන්න Card ලකුනුකරන ගොයියට අලාබෙ ගෙවලා Admit උනා Class එකට. බැලු බැලු තැන මල් මල්. කවදත් ඉතින් පස්සෙ පේලියට වගකියපු අපි යයිද කිව්වලු ඉස්සරහට. පස්සෙන් ඉදගත්තට මොකෝ කොටට හිටිය සර්ව පෙනු‍නෙ ලාවට වගේ. එත් ඉතින් වැඩිපුරම බලන් හිටියෙ සර් දිහාද නැත්නම් මල් දිහාද කියල දැන්නම් මතකත්නැ. කොහොම කොහොමහරි Admit උනා කියමුකො Class ඵකට දිගටම.
ඹන්න ඹය දවස්වලතමා අපෙ මාමාට අඩුගානට Mobile එකක් හම්බඋනේ. මමත් අතාරියෙනැ ඒ Mobile එක නැන්දට පොත පෙරලලා, මාමාගෙ අවස‍රෙන් ඹරැවෙ දාගෙන පැද්දා Spoken Class. ඒ දවස්වල Mobile මේතරම් කාලගවත් තිබුනෙනැ. ඉතින් Bus එකේ උනත් දෙන්නා මාරැවෙන් මාරැවට අරන් තමා ගියෙ.

මෙච්චර වෙලා කලේ කථාවට වටපිටාව හැදුවා විතරයි. ඹන්න දැනුයි කථාව පටන්ගන්නේ.

එදා දවස ඉරිදාවක් කියලනම් මතකයි මොකෝ කිව්වොත් Spoken English Class දවසක් නිසා. පුරැදු පරිදි නිරෝෂනයයි මායි නුගේගොඩට ඔරැ පැදලා ඔරැවෙම ගොඩඋනා කියමුකො කඩුවෙල Bus Stand එකට. පුරැදු පරිදි Bus Stand එකේ ටිකක්වෙලා Flag උනේනැත්නම් එදාට කැවෙනැවගේනෙ. ඔන්න දෙන්න Bus Stand එකේ මැද කය්ය ගහන ගමන් මල්වල හැඩ බලනව. “පිපුනු මලේ රැව එමල දනීදෝ “ ඔව ඉතින් දන්නෙ අපිනෙ ඒ දවස්වල. ඔන්න ඉතින් එදාට කලාපෙ මල් වැහිවැහැලා නිවාඩු නිසා.

“කෙච්චර ඇම දාගෙන හිටියත් ‍අපිට කෙහෙන්ද පුසො මාලු කිව්වලු” Bus Stand එක අතැරල පාර පැනල Bus Halt එකට Set උනා. ඔන්න ඉන්නවා 143 Bus එක එනකල් ගෙදර යන්න. දැන් අපිට එහා පැත්තෙ තියෙන Bus Stand එක හොදට පෙනවා. ඔන්න ඔය වෙලාවෙතමා 697 හෝමගම - කඩුවෙල Bus එකක් ආවෙ Bus Stand එකට. ඔන්න ඒ Bus එකෙන් බැහැපු ඡෝඩුවක් එනවා පාර පැනල අපි ඉන්න Bus Halt එක පැත්තට. ඡෝඩුවක් කිව්වට මෙකෝ එක්කෙනෙක් වයසින් අඩු කෙල්ලෙක් අනෙක් කෙනා කිව්වට මොකෝ කොන්ඩෙත් ඉදිලා. ආච්චිද අම්මද කියල පැටලුනද මන්ද.

දෙන්නා ඇවිත් හිටගත්තෙ අපරාදෙ කියන්න බැ අපෙ අනික් පැත්තෙ. Bus එක එනවද බැලුවම ඔය අගේට පේන්නෙ සුදු මුන. අනේ බොරැකියන්නෙ මෙකටද මම බලාගෙන හිටියා Bus එකක් එනකල්. පස්සෙයි Meter වුනේ අනේ මෙ කෙල්ල බලන්නෙ මා දිහා නේද කියලා. Tube Light නිසා පත්තුවෙන්න වෙලා ගියාදෝ මන්දා. නමුත් නිරෝෂනයට වැඩෙසෙට්වෙලා තිබුනෙ අපරාදෙ කියන්න බැ මු Signal පැත්තට Antena ව හරවනවා මම බලනකොටත්. අනේ හිතුනෙනැතුව නෙමේ Booster එකක්වත් දාල වැඩිපුර Signal අල්ලගන්න මෙකෝ මේ කෙල්ල ඒ තරමට ලස්සනයි.

මෙතනින් එහාට මොකද උනේ කියල ඉලග කොටසින් බලමු.

7 comments:

සුජානි....... said...

Ithin ita passe moko wune..ahe pota giyada..nathnam achchita mattu wela guti kawada?

Hasitha Gunasinghe said...

ඊළඟ කොටස කියවන්න ඉන්න ලිස්ට් එකට මාවත් දාගන්න :)

manju said...

ape ekatath idala idala liyanna hithila.....matai oke credit 1 labenna one...mama thamai moota palamalla balanna kiyala okata paara pennuwe......ithin macho mata thank karapan

manju said...

mama ubawa aduna gaththa nisa tho mage coment 1 delete kala ne....?

සබද said...

@ Manju
පෙරුම් පුරනා බෝසතුන්ටත් මාරසෙන් සිටියෝ
ඉතින් එහෙනම් මටත් නැතිවෙද රුදුරු බාදාවො

manju said...

මචො...,උබෙ බ්ලොග් එකට අපෙ හසිත මල්ලිත් ඇවිල්ලනෙ....

Hasitha Gunasinghe said...

මංජු අක්කේ ඒ කියන්නේ මේ බ්ලොග් එක ලියන්නේ මාත් දන්න කියන කෙනෙක්ද ???

Post a Comment